සත්කාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලියට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර 2020 විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජුනි 7 වනදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
දෙවන තරගය ජුනි මස 8 වනදා සහ අවසාන තරගය ජුනි මස 11 වන දා පැවැත්වීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ආරෝන් ෆින්ච් විසිනි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




