සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට අමතරව කපුටු ආරක්ෂක ධුරයේ ද කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කළා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළ ද ඔහු පිටුපස දොරෙන් බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බව ලේකම්වරයා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටට ආදරේ අයෙක් නම් මේ මොහොතේ කොන්දේසි විරහිතව 21 වන සංශෝධනයට සහාය ලබා දිය යුතු අතර ඊට සහය නොදෙන බව පවසමින් රටපුරා යන විපක්ෂනායකවරයාගේ එකම අරමුණ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




