ඉන්දීය ණය රේඛාව යටතේ යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එම පොහොර තොගය මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදා හැරීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම වසරේ මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීම සඳහා මූලික සහයෝගය ලබාදීමට ලෝක බැංකුව එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මේ අතර උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර නිමා කිරීමටත් ඊට සමගාමීව මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇල , මහගෝන වැව,විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව යන ව්‍යාපෘති ද වැඩ නිම කිරීමට නියමිතයි.
වාරිමාර්ග ක්ෂේත්‍රයේ මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති නියමිත කාල සීමාවට අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




