රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මේ වසරේ හජ් වන්දනාව සඳහා ඉස්ලාම් භක්තිකයින් නොයැවීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙවර හජ් වන්දනාව සඳහා පුද්ගලයින් 1585 දෙනෙක් සහභාගිවීමට නියමිතව තිබුණ ද පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඔවුන් එම අවස්ථාවට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ජාතික හජ් කමිටුව, සංචාරක සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




