ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ පස් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණා.
ඒ අනුව ඔහු එම තරගය තත්පර 10.08 කින් නිමා කළ අතර මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ජයග්‍රහකයා වූ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් තත්පර 9.93කින් තරග ජයග්‍රහණය කළා.
මෙහිදී ජැමෙයිකානු ක්‍රීඩක යොහාන් බ්ලේක්ට වඩා තත්පර 0.3ක් පිටුපසින් තරගය නිමා කිරීමට යුපුන්ට හැකි වීම විශේෂත්වයක්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




