පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු තවත් සැකකරුවන් 11 දෙනෙක් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම පිරිස ඉකුත් 09 වන දා ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි අතර අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහදගම ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙක් එම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




