අපස්මාර රෝග තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (01)පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටි ඔහු පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් මානව හිමිකම් කොමිසමේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් පසු ඔහුට හිමි ජනාධිපතිත් පොදු සමාව අත්හිටුවීමට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට නියෝග කිරීමත් සමඟ එහි නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් තිබෙනවා.
ඔහු එම රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




