වෛද්‍යවරුන් පවසන ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජීවත්වීමට ඇත්තේ තව වසර 3ක් පමණක් බව හිටපු රුසියානු බුද්ධි අංශ නිලධාරියකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ 'the independent' පුවත් සේවය වාර්තා කරනවා.
එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත්වන බොරිස් කාර්පිචෝව් නමැති එම නිලධාරියාව නිලධාරියා පවසා ඇත්තේ රුසියානු ජනාධිපති පුටින්ගේ ඇස් පෙනීම මේ වන විට බොහෝ දුර්වල තත්ත්වයක පවතින අතර සිහිකල්පනාව ද දුර්වල බවයි.
පුටින් පිළිකා රෝගියකු බවත් ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් මීට පෙර බටහිර මාධ්‍ය රැසක් අනාවරණය කළ ද ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ පවසනවා.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ වන විට 70 වන වියේ පසු වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




