වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථය අද (01) උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා දුම්රිය ගැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා.
බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී මාර්ගයක දී සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් සුළු තුවාල ලබා ඇති අතර වෛද්‍යවරියට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව රත්ගම පොලිසිය පවසයි.
එම ස්ථානයේ විදුලි සංඥා සවිකර තිබුණ ද ඒවා අක්‍රිය වී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




