රත්නපුර- පැල්මඩුල්ල මාර්ගයේ පැල්වාඩිය ප්‍රදේශයේ ඊයේ (31) සිදුවු රිය අනතුරකින් පැල්මඩුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා.
පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් පොලිස් පරීක්ෂකවරයා බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාරපන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




