අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය විභාගය ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස අතරතුර පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
"අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට මේවනවිට සුදානම් කරගෙන යනවා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගය. අපි බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂය ආරම්භ වීමට මත්තෙන් 2022 දෙසැම්බර් මාසයේ, 22 හා 23 යන දින දක්වා බොහෝ දුරට පාසල් පැවැත්වීමට ඉඩතියෙනවා. එම කාලසීමාව තුළ අපි අධ්‍යාපන කේෂ්ත්‍රයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා, දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදීලා 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම පාසල් තුළ නිර්මාණය කරන්න."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




