රක්ෂණ වාරික නොගෙවීම හේතුවෙන් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීම දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇතැයි ගුවන්තොටුපල ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
වාර්ෂිකව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන රුසියාවෙන් එළඹෙන ශීත සෘතුවේ දී ද සංචාරකයන් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණයක් පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර ඇති මෙම ගුවන් යානය රුසියානු යුක්රේන යුද ගැටුම් හේතුවෙන් රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වීම නිසා එරොෆ්ලොට් ගුවන් සමාගම විසින් රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත ඔවුන්ගේ සියලුම ගුවන් යානා ප්‍රතිරක්ෂණය කර ඇත.
ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගමට වාරික ගෙවීම අත්හිටුවීම නිසා එම සමාගම මේ පිළිබඳව පිළිබඳව කොළඹ වාණිජ මහාධිකරණය වෙත පැමිණිලි කර තිබෙනවා.
මීට සම්බන්ධ නීතිඥයන් විසින් පෙරේදා (02) දහවල් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ගුවන් තොටුපළේ ප්‍රධාන සංතරණ නිලධාරිවරයා වෙත මෙම වාරණ නියෝගය භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




