පාර්ලිමේන්තුව තුළ මේ දක්වා ප්‍රධාන ආහාර වේලෙන් පසු අතුරුපස වර්ග තුනක් ලබාදී ඇති අතර පවතින ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගනිමින් එය එකක් දක්වා අඩුකර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සේවකයන්ට සෑම වර්ෂයකම නිල ඇදුම් ඇඳුම් 3ක් ලබා දී ඇති අතර එයද එක් නිල ඇඳුමක් දක්වා අඩු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පවතින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය ද සියයට 50කින් පමණ අඩු කරගෙන ඇති බව පාර්ලිමේන්තුව නිලධාරීන් පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




