ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගාවලියේදී විකිණෙන ප්‍රවේශ පත්‍රවල ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින ජනතාවට සහන සැලසීම සඳහා එම මුදල් යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




