රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට පැය තුනකට පෙර ජනාධිපතිවරයා ජනාධිපතිවරයා සහ තමන් හමුවූ බවත් එහිදී අග්‍ර මත ධුරය භාර ගන්නවා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව තමා විසින් ජනාධිපතිවරයාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ අතර තමාට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට පසුබිම සැකසූ හොත් තමා අගමැති ධුරය භාරගැනීමට සුදානම් බව එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
"ගරු අගමැතිතුමනි ඔබතුමා අද ඔය පුටුවේ ඉන්නේ මට පිං සිද්ධවෙන්න, මොකද ඔබතුමා කැඳවන්න පැය තුනකට කළින්. ගරු ජනාධිපතිතුමා මාව කැඳවල මට කිව්වා දැන් භාරගත්තා අගමැති ධුරය. වහාම භාරගන්න කියලා. මම එතුමාට කොන්දේසි හතරක් පහක් දැම්මා. ඒ කොන්දේසි අනුව වැඩ කරනවානම්, පසුබිම හැදුවොත් මම භාරගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඉතින් ඒක හන්දා ගරු අගමැතිතුමා, ඔබතුමා මටත් පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න. පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න. ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියන එක එතුමා තේරුම්ගන්න ඕන."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




