වසර 26කට පසු අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තීරණය කර ඇත.
විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බව එහි සභාපති අනේ අනිල් රංජිත් ඉඳුවර මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
"මේ වෙනවිට ආණ්ඩුව විදුලිබල පනත වෙනස් කිරීමට ලෑස්ති වෙනවා. මේ විදුලිබල පනත 2009 තමා ඇති කළේ. ඒක සංශෝධනය කළා 2013 දී. අවස්ථා දෙකේ දීම හදපු මේ පනතේ තියෙන විදියට විදුලිය මිලදී ගැනීමේ දී අවම මිල සහතික කරන්න ඕනේ. අවම මිල ගත්තහම තමා ජනතාවට අඩුම මිලට විදුලිය දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන මේ පනත සංශෝධනය කරන එකෙන් ඒ අය උත්සාහ කරන්නේ අවම මිලට ගන්න එක නවත්වන්න. මේ කරන සංශෝධනයෙන් ඒ අය කරන්නේ කැමති කෙනෙකුට කැමති ගාණකට දෙන්න. ඒකට අවස්ථාව හදා ගැනීම තමා මේ පනත සංශෝධනය කිරීම මඟින් කරන්නේ. ඒකට තමා අපි විරුද්ධ වෙන්නේ. අපි පැහැදිලිවම කියනවා මේක රටේ ජනතාවට කරන අසාධාරණයක්. ඒක නිසා මේක වහාම නවත්වන්න කියලා. ඒක නිසා අපි අද රාත්‍රී 12ට අපේ සියලුම සාමාජිකයෝ වැඩකරන ස්ථානවලින් ඉවත්වෙනවා."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




