රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී එක් පුද්ගලයකු ඝාතනය කර ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ පුතුන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය කිසියම් අයෙක් විසින් සොරාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවත් ඊට මැදිහත් වූ පුතුන් දෙදෙනාට ද පිහියකින් ඇණ පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




