මොනරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් ඇගේ සීයා, මාමා සහ වැඩිමහල් සහෝදරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වනවා.
මෙම දැරියට හටගත් උදරාබාධයක් හේතුවෙන් වෛද්‍යවරයෙකුට යොමු කළ අවස්ථාවේ ඔහු විසින් ඇය ගැබිනියක් බවට තහවුරු කර තිබෙනවා.
රෝහල් බලධාරීන් විසින් සිදු කළ දැනුම්දීමකට අනුව ඇතිමලේ පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී මේ බව හෙළි වී ඇත.
ඒ අනුව මෙම දැරිවිය වෛද්‍ය පරීක්ෂණය සඳහා මොනරාගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව මේ වන විට පොලිසිය විසින් දැරියගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




