ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රවීණ කලාකරුවන් වෙන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණය කළ 'the newspaper' සිංහල චිත්‍රපටය පසුගිය සතියේ ලන්ඩනයේ පැවති 23 වන රේන්බෝ චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සඳහා රංගනයෙන් දායක වන්නේ ද ඔවුන් දෙදෙනා වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක දී the newspaper චිත්‍රපටය ඇගයීමට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි.
ඒ අනුව මෙම වසරේ මාර්තු මාසයේ පැවති 2022 බැංගලෝර් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ගැනීමට the newspaper සමත්වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




