පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස නීතිපති නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මැයි 09 වන දා ගාලු මුවමුවදොර අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




