මෙරට ප්‍රවීණ සහ සම්මානනීය ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 76 වන වියේ පසුවුණු ඔහු ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගණනාවක් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළා.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමට 1987 ජූලි 30 වන දා මෙරටට පැමිණි අතරතුර නාවික සෙබළෙකු විසින් සිය රයිෆලයේ බඳෙන් ඔහුට පහර දෙන අවස්ථාව ඡායාරූප ඡායාරූප ගත කිරීමට සමත් වූ එකම ඡායාරූප ශිල්පියා සේන විදානගමගේ මහතා යි.
ඔහුගේ දේහය රාගම, ඇලපිටිවල, හෙට්ටියාවත්ත, නිදහස් මාවත,57/21 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සිදුකිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




