නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අය කරන පෞද්ගලික බස්රථ පිළිබඳව 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවට දැනුම් දෙනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා පවසන්නේ බස් ගාස්තු සංශෝධනයෙන් පසුව ද ඇතැම් බස් රථවල නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දිවයින පුරා ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




