කොරියාවට යන ශ්‍රමිකයන්ට ඇමතිගෙන් ඉල්ලීමක්


කොරියානු රැකියා සදහා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට සුභ පැතීම සඳහා කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගියදා (07) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් තිබෙනවා.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මේ රට අධ්‍යක්ෂවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි මාස 6 තුළ කොරියානු රැකියා අපේක්ෂකයින් 5800ක් කොරියාවට පිටත් කර යැවීමට නියමිතයි.

එහි පළමු කණ්ඩායම ලෙස ශ්‍රමිකයින් 119 දෙනෙක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොරියාව බලා පිටත්ව ගියා.

එම පිරිස අමතමිනි අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ රට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින අවස්ථාවකදී පිටත්ව යන පිරිසක් වශයෙන් හොඳින් රැකියාව කර උපයන මුදල් නිවැරදිව බැංකු හරහා මෙරටට එවනු ලැබුවහොත් රට තුළ ඇති ගැටලුවලට සහනයක් වනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“අද සිට පන්දහස් අටසීයක් දෙසැම්බර් වන විට කොරියාව බලා පිටත්ව යැවීමට කටයුතු කරනවා. රටට විදේශ විනිමය අවශ්‍ය අවස්ථාවකදී තමයි ඔබ කොරියාවේ රැකියා සදහා පිටත්ව යන්නේ.

කොරියානු රැකියා සදහා පිටත් කර යවන්නේ රජය හා සම්බන්ධ වැඩපිළිවෙලක් ලෙසයි. ඔබලා කොරියාවට ගිය පසුව හොදින් රැකියාව කර ලංකාවට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කරන්න.

මේ වෙලාවේ අපි තෙල් පෝලිම්වල ඉන්නවා. බෙහෙත් නෑ. විදුලිය කපනවා. මේවා විසදන්න ලෝකයෙන් ණය ගත්තොත් තවත් රට ණය කරනවා. ඒත් ඔබලා උපයන මුදල් නිවරදිව, බැංකු හරහා ගෙදරට මුදල් එව්වොත් දැනට තිබෙන ප්‍රශ්ණවලට විසදුම් සොයන්න පුලුවන්.

මේ වන විට කොරියාවේ විසි තුන්දහසක් පමණ රැකියා කරමින් සිටිනවා. ඒ අය උපයන මුදල්වලින් රටට අවශ්‍ය තෙල් ටික මිලදී ගන්න පුලුවන්. දැන් අද උදේට තෙල් ටික ගන්නේ කොහොමද කියලා බලනවා. ඉන්ධන සදහා මුදල් ගෙවීම ප්‍රමාද වූ විට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා.

අපි මේ වෙලාවේ අනෙක් සියලුම දේවල් අමතක කරලා දාන්න ඕන. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න ඕන. අපි වෙනම දේශපාලන මතවාදයක හිටපු අය. අපේ දේශපාලනය පැත්තකට දාලා දේශපාලන තීන්දුවක් ගත්තේ රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකම ඉටු කිරීමට අවශ්‍ය නිසයි.

මේ වෙලාවේ ඔබත් ඔබේ යුතුකම ඉටු කරන්න ඕන. ඔබේ පවුලේ අය අතහැරලා රට යන්නේ. ඔබලා රට සිටියදී අම්මා ගෑස් පෝලිමේ ඉන්නවානම්, දරුවන්ට බෙහෙත් ටික නැතිනම් ඔබලා සැප විදලා වැඩක් නෑ. ඔබලා උපයන මුදල් නිවරදිව බැංකු ක්‍රමය ඔස්සේ එව්වොත් බෙහෙත් හිගය නැති කරන්න, අම්මලා ගෑස් පෝලිමේ ඉන්න එක නතර කරන්න පුලුවන්කමක් ලැබේවි.

ඉස්සරහට අපි නොහිතන ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා. කර්මාන්ත ශාලා වහලා දාලා යනවා. දළ වශයෙන් මිලියන දෙකක රැකියා අහිමි වෙන්න පුලුවන්. ලංකාවේ තියෙන කර්මාන්තශාලා වහලා දාලා ගියොත් ඒ කර්මාන්ත නැවත ලංකාවට ලැබෙන්නේ නෑ. බොහෝ කාලයක් තිස්සේ ගොඩ නගාගත් කර්මාන්ත අහිමි වෙන්නේ. හැබැයි ඔබලා ගිහින් නිවරදි මාර්ගයෙන් ඔබේ පවුලේ අයට සල්ලි එව්වොත් මේ ප්‍රශ්ණ නැති කරන්න පුලුවන්.

තවත් අපි 58–00ක් ඉදිරි මාස හය ඇතුළත කොරියාවට යනවා. කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ පීඩනයට විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා.

විදේශගතවන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී වැඩි පිළිගැනිමක්, ගෞරවයක් ලබාදෙන ක්‍රමයක් සකස් කිරීම ගැන ගුවන්තොටුපොලේ අධ්‍යක්ෂතුමා සමග මම සාකච්ඡා කළා. විදේශගත ශ්‍රමිකයින් ගෙන එන බඩු භාණ්ඩ පරීක්ෂා කිරීම ගැන චෝදනා තියෙනවානේ. ඒ නිසා ඔවුන් කරන සේවයට පෙරලා ගෞරවයක් ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කරනවා.

කොරියාවට ගොස් රැකියා කරන ඔබ මුදල් උපයලා මෙරටට ඇවිත් ව්‍යාපාර ආරම්භ කරන්න. ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න. ව්‍යවසායකයෙක් විදියට ගොඩ නැගෙන්න. චීනය කුඩා ව්‍යවසායකයින් නිර්මාණය කිරීමෙන් පසුව තමයි දියුණුවට පැමිණියේ. ඒ වගේ ඔබලාත් නැවත මේ රටට ඇවිත් ව්‍යවසායකයින් විදියට තමන්ගේ දායකත්වය ලබාදෙන්න.

ඔබලාගේ යුතුකම හරියට ඉටු නොකළොත් හෙට අනිද්දා මේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිව මැරෙන්න පුලුවන්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිට රටවලට ගිහින් සත පහක්වත් එවන්නේ නැති අය ඉන්නවා. එහෙම සමහර අය මෙහේට සත පහක්වත් එවන්නේ නැතිව රට හදන හැටි ගැන කතා කරනවා. හැබැයි ඔබලා එහෙම ඒ රටවල පදිංචි වෙන්න යන අය නෙමෙයි. ඔබලා නැවත මේ රටට එනවා. මේ රට තියෙන්න ඕන ඔබලා වෙනුවෙන්. මේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිව ගහ මරාගත්තොත් ඔබට රටක් ඉතිරි වෙන්නේ නෑ.

තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල කී දෙනෙක් මැරිලා වැටුනාද. දැන් අරයා ඉන්නකම්, මෙයා ඉන්නකම් ඩොලර් එවන්න එපා කියලා සමහරු කියනවා. අරයා යනකම් අපේ අම්මා ගෑස් පෝලිමේ තියන්න පුලුවන්ද. අපේ අම්මා තාත්තා බෙහෙත් නැතිව මැරෙන්න දෙන්න පුලුවන්ද? අපිට අහවලා තියාගන්න, අහවලා බේරා ගන්න කියලා ප්‍රශ්ණ නෑ.

අපි දේශපාලනය කරන්නේ නෑ. අපිට පක්ෂයක් නැතිව තමයි මේ දේ කරන්නේ. අපි හැමෝම අපේ රට ගොඩ දාන්න එකතුවෙමු. රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම ඉටු කරන්න කියලා වැදලා ඉල්ලනවා.” 

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොරියාවට යන ශ්‍රමිකයන්ට ඇමතිගෙන් ඉල්ලීමක්
කොරියාවට යන ශ්‍රමිකයන්ට ඇමතිගෙන් ඉල්ලීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvSo3rT77U7sGh-VxVmAmbu4U_ee65GUGv9-b6Cg-gt-v8nWkrmNLmXvfFvIG2qP-5skScFOGUxAUMypb4EXIiVLvzT7v91mYxJzq2dcvRwhHvuvOoEwRTEeL4OHGd9JYOBsdNvL8oAmFAQR4bNuL0N9wbD8WVU9n5RmvdztfFlY90IHJ5M5HG2RVk/s16000/B381E2E3-04B1-432B-B2A8-4766733A586A.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvSo3rT77U7sGh-VxVmAmbu4U_ee65GUGv9-b6Cg-gt-v8nWkrmNLmXvfFvIG2qP-5skScFOGUxAUMypb4EXIiVLvzT7v91mYxJzq2dcvRwhHvuvOoEwRTEeL4OHGd9JYOBsdNvL8oAmFAQR4bNuL0N9wbD8WVU9n5RmvdztfFlY90IHJ5M5HG2RVk/s72-c/B381E2E3-04B1-432B-B2A8-4766733A586A.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/06/blog-post.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/06/blog-post.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content