තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් අනතුරුව ඔහු මෙම මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා.
අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වුව ද දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
"අද ඉඳලා බොහෝ දුරට මම මුල ඉඳලාම විශ්වාස කරපු දෙයක් තමා රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමා අද තීන්දුවේ ප්‍රධානම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැතිබව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නෑ. මොකද මාත් එක්ක හිටිය සියලුදෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා අවශ්‍යතාවයක් තියෙනවා නම්.
මම ආවේ මුදල් ඇමතිකම ගන්නනේ. පාර්ලිමේන්තුවට මම අයිති නෑ කියලා මම හිතනවා. මම මගේ උපරිම ශක්තියෙන් වැඩකළා. සුදුසු පුද්ගලයෙක් පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ගේන්න ඉඩදෙන්න මම ඉවත් වෙන බව දැනුම් දෙන්න කැමතියි.” අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




