අද සිට දින 14ක් දක්වා කිසිදු වෘත්තිය ක්‍රියා මාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමේ කටයුතු වලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම විසින් අද මෙම නියෝගය නිකුත් කළා.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කළ අතර අදාළ නියෝගය දුරකථන මාර්ගයෙන් වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙසට ද දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




