ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම 250% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී පමණක් විදෙස් ගමන් බලපත්‍ර 74,000ක් නිකුත් කර ඇති බවත් විදෙස් ගමන් බලපත්‍ර සෑදීමට අවශ්‍ය ද්‍රව්‍යවල කිසිදු හිඟයක් නොමැති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පවසනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී කිසිදු ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති සිදු කර නොමැති අතර එක්දින එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 15,000ක් ද සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 3,500ක් ද අය කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




