අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ අත්වල ලේ තැවරී ඇති බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී පසුගිය දා ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
"අද අපි ගුණානුස්මරණය කරන අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ ඝාතනයත් එක්ක මේ සභාවේ ඉන්න බොහෝ දෙනෙක් පාරට බහින්නේ ලොකු අවදානමකින්.ජනතාව අතරේ ආර්ථික අර්බුදයෙන් නිසා ලොකු වේදනාවක්,කළකිරීමක් තියෙන බව ඇත්ත.මේ වගේ අර්බුදයකදී ජනතාව විරෝධතාවල යෙදෙන බවත් ඇත්ත.නමුත් ඒවා මිනී මරන්න තරම් දුර දිග යන්නෙ දේපල ගිනි තියලා ගේ දොර ගිනි තියලා විනාශ කරන්න තරම් දුර දිග යන්නේ ඒව මෙහෙයවන අය ඒ පිටුපසින් ඉන්න නිසා.ජනතාව තුළ තියෙන කළකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ ඇතිවෙලා තියෙනවා."
"මෙහෙම කරන්න අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා කළ වරද මොකක්ද? එතුමා පොළොන්නරුවේ ඈත පොළොන්නරුවේ සාමාන්‍ය පවුලක වුන එක ද? තමන්ගේ ජනතාවට සේවය කළ එකද?
"එහෙම අහිංසක පුරවැසියෙක් මරා දැමූ අයගේ අරගලය තවදුරටත් අහිංසක සාමකාමී එකක් වෙන්න විදිහක් නැහැ.ඒ අරගලකරුවන්ගේ හිත්වල වෛරය අත්වල ලේ තැවරී තිබෙනවා. එදා ඒ අරගල භූමියේ හිටපු ආගමික නායකයන්ටත් ඝාතන රැල්ල නවත්තන්න කතා කළේ නැහැ.ඒක හෙළා දැක්කෙත් නැහැ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




