හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා නම් කරන බව පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මේ අතර ධම්මික පෙරේරා විසින් ඔහුට අයත් සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් භාර ගැනීමට නිල වශයෙන් කැමැත්ත පළ කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් ඒ සඳහා ඔහුට යම් නීතිමය බාධාවක් ද ඇති බවයි වාර්තා වන්නේ.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




