ජුනි මස 20 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් මෙරටට පැමිණෙන අතර මෙම මස අවසන් වන විට කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (09) පස්වරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් පළ කළා.
රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහය වන ලෙසත් වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින අය අර්බුදය හේතුවෙන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් දියත් කරන අතර ඒ තුළින් ආහාර වේල් 03ක් ලබා ගැනීමට නොහැකි මෙරට ජනගහනයෙන් 10% කට නොමිලේ ආහාර ලබා දීමට ද රජයට හැකි වනු ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




