මෙරට ප්‍රමුඛ පෙළේ බිලියනපතියෙක් වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඔහු එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන හොත් එම පත්වීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බව නීති විශාරදයන් පෙන්වාදෙයි.
ඔහු ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වීම හේතුවෙන් එම සමාගමක් විසින් ආණ්ඩුව සමඟ ගනුදෙනු සිදුකළ හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට හිමි මන්ත්‍රී ධුරය අහෝසි විය හැකි බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




