ආනයනකරුවන් විසින් නිෂ්කාශනය නොකළ ඇපල් තොගයක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෙහිවල සත්වෝද්‍යානය වෙත ඊයේ (10) භාර දුන්නා.
චීනයෙන් ගෙන්වන ලද මෙම ඇපල් තොගය පසුගිය පෙබරවාරි මාසයේ සිට කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ රඳවා තබා ඇති අතර කිසිවෙකු විසින් ඒවා නිදහස් කර නොගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අයිතිකරුවන් විසින් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව තුළ රඳවා ඇති ආහාර ඇතුළු අනිකුත් ද්‍රව්‍ය විනාශ නොකර යම් ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා පවසන ආකාරයට රුපියල් මිලියන 200ක් පමණ වටිනා ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් මෙලෙස සත්වෝද්‍යානයට භාර දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




