ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන 20-20 තරඟයේ දී නියමිත කාලය තුළ පන්දු වාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබෙනවා.
එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ පන්දු වාර 2ක් අඩුවෙන් සිටි බවට තහවුරු වීමත් සමග තරඟ ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නියම කළා.
ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව නියමිත කාලය තුළ ගෙවීමට අපොහොසත් වන සෑම ඕවරයකට ම තරඟ ගාස්තුවෙන් 20% ක දඩයක් අය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




