සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නව ප්‍රවේශයන් සොයා ගත යුතු බව ඊයේ (10) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත.
මිලියන 04කට අධික මෙරට ජනතාව සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයට සම්බන්ධ වී සිටින අතර පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුගිය කාලය තුළ අඩපණ වී තිබුණා.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට මෙන්ම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවයට බලපාන වැදගත් ක්ෂේත්‍රයක් බැවින් එය සීඝ්‍රයෙන් නගා නගාසිටුවීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම එතෙර සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා රට පිළිබඳව ඇති වැරදි දැක්ම නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳව සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන ජනතාව මුහුණ දෙන ඉන්ධන ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




