යල කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ EXIM බැංකුව සමග අද (10) ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන සහ ඉන්දීය EXIM බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත නරේන්ද්‍ර අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අත්සන් තබා ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය මහ මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියා.
ඒ අනුව පොහොර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් සිදුකළ ණය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඩොලර් මිලියන 55ක ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




