සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයාට ඔයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා විභාග නොකරන ලෙසට වීරකැටිය වීරකැටිය පොලිස් ස්ථානාධිපති කැළුම් සංගීත් මහතාට මරණීය තර්ජන එල්ල කර ඇති බවට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා වීරකැටිය පොලිසියට නියෝග කර තිබෙනවා.
පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මි හරින්දී ද සිල්වා පසුගිය සදුදා (06) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළහොත් ස්ථානාධිපතිවරයාගේ නිවසට ගිනි තබන බවට කෙටි පණිවුඩයක් මගින් තර්ජනය කර ඇති බව අවසන් වරට මෙම නඩුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී විරකැටිය පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




