ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (11) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ මන්නාරම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් ලංකාව විදුලිබල විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ බලපෑමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ව්‍යාපෘතිය අද අදාල සමාගමට ලබා දෙන්නැයි පැවසූ බවයි.
"අදානි ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ යෝජනාවක් හෝ හඳුනා ගැනීමක් ලෙස පැමිණ තිබෙනවා ද?" යනුවෙන් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.
"ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මං හිතන්නේ ගිය නොවැම්බර් 24 වෙනිදා වගේ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දීය අගමැති මෝදි මට බල කරනවා මේක දෙන්න කියලයි කියලා.පස්සේ මං ඒ වෙලාවෙ කිව්වා ඒක මේ මට වත් විදුලිබල මණ්ඩලයටවත් තියන ප්‍රශ්නයක් නෙමෙයි මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. මං ඒ හින්දා ලියුමක් ලියලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා කියලා ,මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න මේක විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. "
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




