සුඩානයේ සිට සවුදි අරාබිය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක් මුහුදේ ගිලී යාමෙන් එහි සිටි බැටළුවන් 15,000ක් මිය ගොස් තිබෙනවා.
පෙරේදා (12)අළුයම රතු මුහුදේ සුවාකින් වරාය ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා බේරා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නෞකාවට පැටවිය හැකි සතුන් 9,000ක් පමණ වන අතර අනතුරට පත්වන අවස්ථාවේ එහි බැටළුවන් 15800 ක් පමණ පටවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර මරණයට පත්වූ පත් වූ බැටළුවන් තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් පමණ වන අතර බැටළුවන් 800ක් පමණ බේරා ගැනීමට හැකි වී තිබුණ ද ඔවුන් ජීවත් වේවිද යන්න සැක සහිත බව වරාය නිළධාරින් පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




