ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 ක් රැස් කිරීමට සමත් වුණා.
කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 55 ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86 ක් රැස් කළ අතර වනිදු හසරංග පන්දුවාර 16 කදී ලකුණු 32ක් රැස් කිරීමට සමත්වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




