2022 වසරේ අයවැය මගින් වසරකට මුළු වැටුප රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් සඳහා 2.5% ක අනුපාතයක් යටතේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් නව බද්දක් හඳුන්වා දීමට රජය කටයුතු කළා.
ඊට අදාළ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිශ්කාෂණය ලැබී ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




