සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය තරගය අද (14) පැවැත්වෙනවා.
තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පළමු තරග දෙක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සහ ඉතිරි තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1. දසුන් ශානක - නායක2. ධනුෂ්ක ගුණතිලක
3. පැතුම් නිස්සංක
4. කුසල් මෙන්ඩිස්
5. චරිත් අසලංක
6. ධනංජය ද සිල්වා
7. වනිඳු හසරංග
8. චාමික කරුණාරත්න
9. දුෂ්මන්ත චමීර
10.මහීෂ් තීක්ෂණ
11.දුනිත් වෙල්ලාලගේ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




