නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (15) අළුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ කළ පුද්ගලයින් 64 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 50 ක්, කාන්තාවන් 11ක් ළමුන් ලමුන් 03 දෙනෙක් සිට ඇත.
අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලය මුලතිව් සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත බාර නියමිත බව නාවික හමුදාව පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




