ඊයේ (15) රාත්‍රියේ වත්තල කදිරාන පාලම අසලදී මවක් සිය දරුවා කැලණි ගඟට විසි කර තිබෙනවා.
අත්වාරුවකින් පැමිණ ඇති මෙම කාන්තාව සිය දරුවා ගඟට විසි කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරීමේදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොලිසියට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ගඟට විසි කර ඇත්තේ 05 හැවිරිදි පිරිමි දරුවකු වන අතර ධීවර යාත්‍රා යොදා ගනිමින් සෙවීමේ කටයුතු සිදුකළ ද මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී ඇත.
වත්තල පොලිසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (16) වැලිසර මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




