නව 'city bus' සේවාව සහ සිසු සැරිය බස් සේවාව අද (15) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ සිට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඒ අනුව සිසු සැරිය බස් රථ 20ක් අද සිට ධාවනයට එක් කර ඇත.
ඉන්ධන හිඟය හමුවේ පීඩාවට පත් පොදු ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර ඇති අතර තම දරුවන් පාසල් වෙත යැවීම සඳහා දෙමව්පියන්ට විශාල මුදලක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් මෙම සේවය පුළුල් කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




