පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනයේ බස් ධාවනය 80% කින් අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව එළඹෙන දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිත ඩීසල් නෞකාවේ ඉන්ධන ප්‍රමුඛතාව මත බෙදාහැරීම සිදු කළහොත් ලබන සතියේ සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාරථ ධාවනය කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් සිකුරාදා වන විට ඉන්ධන නොලැබුණහොත් බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




