කොළඹ නගරයේ පිහිටි අවන්හල්වලින් දෛනිකව ඉවතලන ආහාර ද්‍රව්‍ය සූකර ආහාර සඳහා අලෙවි කිරීම මගින් මාසිකව රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් උපයා ගත හැකි බව කොළඹ හෝටල් හිමියන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙලෙස ඉවත ලන ඉවතලන ආහාර කිලෝවක් රුපියල් රුපියල් 15-25 අතර මුදලකට බස්නාහිර පළාතේ ඇති ඌරු ගොවිපලවලට විකිණිය හැකි බවයි.
නිසි ලෙස බැහැර කිරීමට ඉඩකඩ නොමැති වීම හේතුවෙන් බොහෝ අවස්ථාවල නොමිලේම ඉවත ලන ආහාර ඌරු ගොවිපලවලට ලබා දීමට කටයුතු කරන බවත් කොළඹ ප්‍රදේශයේ එක් අවන්හලකින් දිනකට පිසූ ආහාර කිලෝ විස්සක් පමණ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොළඹ නගරයේ සියලුම ආපනශාලාවලින් දෛනිකව ආහාර කිලෝග්‍රෑම් 60,000ක් පමණ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන බව හෝටල් හිමියන් පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




