ඉන්දීය ණය මාර්ග අත්සන් කිරීමෙන් පසු ඉදිරි මාස හතරට ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති හමුවේ දී.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් සහ ඉන්ධන අඛණ්ඩව සැපයිය හැක්කේ ඉල්ලුමෙන් 50% ක් පමණක් ලබා දුන්නොත් පමණක් බවයි.
''දැන් අමාරුම කාලේ ඇවිත් තිබෙනවා. ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් සහිත නැවක් අද පැමිණියා. රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට අප ප්‍රමුඛත්වය දෙනවා. ඊට පසු එන නැව්වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව දෙන්න තීරණය කළා. අඛණ්ඩව දිය හැක්කේ දැනට තිබෙන ඉල්ලීම්වලින් සියයට පනහක් දෙනවා නම් පමණයි. දැන් තිබෙන තොග දවස් හතකට යොදා ගන්න පුළුවන්. ඉන්පසු ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු අපට මාස හතරකට ඉන්ධන තිබෙනවා. ඉන්ධන ගන්න අපට ලංකා බැංකුවේ රුපියල් තිබුණේ නැහැ. මුදල් මුද්‍රණය කරන්න මා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. ඩොලර් හිඟය පියවීමට අයි.එම්.එෆ් කණ්ඩායම සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඒ වැඩකටයුතු ජූනි මස අවසන් වන විට අවසන් කර ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.”
මෙහිදී වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ අටක් පමණ ගෙන්වා ගැනීමට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන අතර ඇස්තමේන්තුගත ආදායම ඩොලර් මිලියන 800 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




