තායිලන්ත සියම් සමාගමෙන් ගෑස් මිල දී ගැනීම අත්හිටුවා මීට පෙර ගෑස් සැපයූ ඕමාන් සමාගමෙන් ගෑස් මිල දී ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.
එසේ වුවහොත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 7,000ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සියම් සමාගම විසින් වරාය, රක්ෂණ සහ නෞකා ගාස්තු ලෙස ගෑස් මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 96 ක මුදලක් අය කරන බව දැනුම් දී ඇති අතර ඕමාන් සමාගම ගෑස් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 129 ක මුදලක් අය කරන බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඕමාන් සමාගමෙන් ගෑස් මිල දී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 34 ක් වැඩිපුර ගෙවීමට සිදුවන අතර සියාම් සමාගමෙන් ගැස් මිල දී ගැනීම අත්හිටුවා ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගන්නා ලෙස ලිට්රෝ සමාගමට බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
එම සමාගමේ හිටපු සභාපතිවරුන් වෙන තෙෂාර ජයසිංහ සහ විජිත හේරත් ඉල්ලා අස්වීමට මෙම සිදුවීම හේතු වූ බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




