මෙම මස 12 වනදා සිට ගෑස් සිලින්ඩර 112,000 බැගින් දෛනිකව වෙළඳපලට නිකුත් කරන බව ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,
‘‘මෙම මස එකොළොස් වැනිදා සිට අගෝස්තු මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක් ලැබීමට නියමිතයි. ඒ අනුව දැනට පවතින ගෑස් හිඟය මෙම මස අවසන් වනවිට හෝ අගෝස්තු මුල් සතිය වනවිට පහව යාවි. කොළඹ නගරයේ ස්ථාන 140ක දී ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සෑම ස්ථානයකටම කිලෝ ග්‍රෑම් 12 සිලින්ඩර 100 බැගින් සිලින්ඩර එක්ලක්ෂ හතළිස් දහසක් දින දෙකක් තුළ බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. බේකරි හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීම ද මීට සමගාමීව කෙරෙනවා. මේ සියලු කරුණු කාලගුණය හා මුහුදේ ස්වභාවය අනුව වෙනස්කම්වලට ලක් වෙන්න පුළුවන්. නමුත් ඉදිරි මාස 4ක කාලයක් ගෑස් හිඟයකින් තොරව දෙන්නට හැකි බව මගේ විශ්වාසයයි.”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




