ඉන්ධන ඉල්ලා දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් යළි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පිරිස දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටින අතර මේ හේතුවෙන් අද (07) පෙරවරුවේ ද දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර අද පෙරවරු 11.50 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රිය ද ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විරෝධතාව හේතුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




