ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබා දෙන කොමිස් මුදල 3% සිට 1% දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම විසින් මෙලෙස කොමිස් මුදල අඩුකර ඇතැයි දැන ගන්නට ඇති බව ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් ඔවුන් කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම අවම කර ගැනීම සඳහා බෙදුම් කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බවයි.
මෙම තත්ත්වය මත ඉන්ධන බෙදා හරින්නන් තොග ඇනවුම් කිරීමෙන් වැළකී සිටිය හොත් ජනතාව තවදුරටත් අපහසුතාවයට පත්වන බව ඔවුන් පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.